ලංකාවෙන් 23%කට දියවැඩියාව

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 23%ක් පමණ දියවැඩියාවෙන් පෙළෙන අතර, 30%ක් පමණ පූර්ව දියවැඩියාවෙන් පෙළෙන බවත් සෙසු ආසියාතික රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාව අවදානම් කලාපයේ පසුවන රටක් බවත් ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, දියවැඩියා සහ හෝර්මෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිමුතු ටී. මුතුකුඩ පවසනවා.

මෙරට තරුණ හා පාසල් සිසුන් අතර දියවැඩියාව ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බවත් වැඩිම දියවැඩියා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ හා යාපනය දිස්ත්‍රික්කවලින් බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.

ප්‍රතිශතයක් ලෙස එය පිළිවෙළින් 34.1% සහ හා 30.8%ක්. අවම දියවැඩියා රෝගීන් සංඛ්‍යාව වන 8%ක් වාර්තා වී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයෙන් වන අතර බස්නාහිර පළාත තුළ පමණක් හඳුනා ගෙන ඇති දියවැඩියා රෝගීන් සංඛ්‍යාව 29%ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles