වැරදි කරන රියදුරන්ට ලකුණු ක්‍රමයක්:මත්ද්‍රව්‍ය ගෙන ඇත්දැයි බලන්නත් තාක්ෂණය!

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින් හඳුනා ගැනීමට පරික්ෂා කළ පුදගලයින් 1781 දෙනෙකුගෙන් 41 දෙනෙකු මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරුව තිබෙනවා.

ඒ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින් හඳුනා ගැනීමට හැකි තාක්ෂණික කට්ටල 50ක් යොදා ගනිමින් සිදු කළ පරික්ෂණයක දී.

එසේම මත්පැන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයින්ගෙන් 90%කගේ බලපත්‍ර අත්හිටුවා තිබු බව ද එහි දී තහවුරු වූ බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියන්නේ.

එම නිසා දශක හතක් තිස්සේ ක්‍රියාත්මක වන මෝටර් රථ ප්‍රවාහන පනත යාවත්කාලීන කර නව පනතක් ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ

ඒ අනුව රථවාහන වැරදි සඳහා වැරදි ලකුණු කිරීමේ ක්‍රමයක් 2024 ජනවාරි 01 වැනිදා සිට ආරම්භ කරන බව ද පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා මෙම ක්‍රමය යටතේ දෝෂ ලකුණු 24ක් රැස්කර ගන්නා රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය වහාම අවලංගු කරන බවයි පවසන්නේ.

එසේම, සියලුම ගනුදෙනු ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් මගින් අවසන් කළ හැකි තාක්‍ෂණය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන බව ද සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles