වාහන පාකින් වලින් නගර සභාවට කෝටි 26ක බදු පොල්ලක්

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන මේ වන විට රුපියල් කෝටි 26 කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව කොළඹ නගර සභාවේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල පවසනවා.

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන 2023 වසර සඳහා රුපියල් කෝටි 20කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර තිබියදී 2024 වසර සඳහාද එම රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට එම ආයතනවලට අවසර දී ඇති බවයි ඔහු කියා සිටින්නේ.

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති ආයතන 26 විසින් 2023 වසර අවසානය වන විට රුපියල් 204,164,119/-ක් සහ 2024 අප්‍රේල් 30 වැනිදා වන විට රුපියල් 264,859,471/-ක බදු මුදල් ගෙවීම පැහැර ඇති බවයි ඔහු වැඩිදුරටත් අනාවරණ කරන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles