“ස්ටාර්ලින්ක්” වෙනුවෙන් වසර 28ක් පැරණි නීති සංශෝධනයක්

ඊලොන් මස්ක් හිමිකාරිත්වය දරණ SPACE X චන්ද්‍රිකා ඒකකය වන ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාවන්ට මෙරට මෙහෙයුම් ආරම්භ කිරීමට අවසර ලබාදීම සඳහා දශක ගණනාවක් පැරණි නීති සංශෝධන කිරීමට පාර්ලිමේන්තුව පසුගියදා අනුමැතිය දී තිබෙනවා.

වසර 28කට පසු ප්‍රථම වරට පවතින නීතිය සංශෝධනය කරන ලද නව විදුලි සංදේශ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව සම්මත කළ බව පාර්ලිමේන්තු කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එමෙන්ම මෙම සංශෝනය මඟින් නව බලපත්‍ර වර්ග තුනක් හඳුන්වා දෙන අතර ටෙලිකොම් නියාමක තාක්ෂණයෙන් අනුමැතිය ලැබෙන තෙක් බලපත්‍රලාභී සේවා සපයන්නෙකු ලෙස ස්ටාර්ලින්ක්, ටෙලිකොම් ආයතනය හා සම්බන්ධවීමට ඉඩ සලසන බවයි රාජ්‍ය තාක්ෂණ අමාත්‍ය කනක හේරත් පවසන්නේ.

2030 වන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඩොලර් බිලියන 15ක කර්මාන්තයක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවත් ස්ටාර්ලින්ක් සඳහා පමණක් නොව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමති වෙනත් ඕනෑම
සමාගමකට සැලසෙන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles