ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැන ජාතික මහා සම්මේලනය අද පස්වරු 01 සිට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනුයි මෙම සමුළුව පැවැත්වෙන්නේ.
සෑම මැතිවරණ කොට්ඨාසයකම සිටින පාක්ෂිකයන්ගේ සහ ඔවුන්ගේ සහයෝගී සියලුම දේශපාලන පක්ෂ වෙත මේ සඳහා ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.