පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ අමාත්‍ය රොෂාන් රණසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කරමින් සිටිනබව දේශය පුවත්පත වාර්තා කරනවා.
මේ සම්බන්ධයෙන් ලැබුණු වාර්තාවක සඳහන් වන්නේ සරත් ෆොන්සේකා මහතා දූෂණය පිටුදැකීමේ තේමාවෙන් කුඩා පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවයි.
ඒ සදහා ඔහු දැනටමත් ප්‍රාදේශීය මට්ටමින් ජනහමු අමතමින් සිටි නමුත් මෙතෙක් තමන් දරන සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් ඉවත්ව නැත.
රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ජාතික බලවේග පදනම් වූ සංවිධානයක් හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇතැයි සඳහන් වෙයි.
හිටපු පළාත් ආණ්ඩුකාරවරියන් සහ හිටපු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රධානීන් ගණනාවක් වීරසේකර මහතාගේ දේශපාලන ව්‍යාපෘතියේදී ඔහුට සහය පළ කර ඇතැයි එහි වාර්තාවෙනවා.
අමාත්‍ය රොෂාන් රණසිංහද ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන දැන් ප්‍රාදේශීය වශයෙන් ජනතාව දැනුවත් කරමින් සිටින අතර ඔහු පසුගිය සතියේ මහනුවර සහ මාතලේ එවැනි රුස්වීම් දෙකක් පවත්වා ඇති බවත් වාර්තාවෙනවා.