යක්කල අබිරහසක්: ටියුෂන් ගිය සිසුවියන් 3ක් අතුරුදහන්

ගම්පහ, යක්කල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවීමට ගිය 14 හැවිරිදි සිසුවියන් තිදෙනෙකු පෙරේදා (29) සිට අතුරුදහන් බවට පැමිණිලි ලැබී ඇති බව යක්කල සහ වීරගුල පොලිසිය පවසනවා.

අතුරුදහන් බවට පැමිණිලි ලැබී ඇති මෙම සිසුවියන් තිදෙනා ගම්පහ, යක්කල ප්‍රදේශයේ පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබන තිදෙනෙක් බවත් ඔවුන් මිතුරියන් බවත් හෙළි වී තිබෙනවා. 29 වැනි දා උපකාරක පංති ගොස් එදින රාත්‍රිය දක්වා නිවෙස්වලට නොපැමිණි බැවින් පොලිසි වෙත පැමිණිලි කර තිබෙනවා. ඊයේ (30) වන විටත් කිසිදු තොරතුරක් ලැබී තිබුණේ නැති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles