පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් 3ක් දැලේ

හසලක පොලිස් වසමේ වැල්ගාල ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හසලක පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

එහිදී ඇමෝනියා කුඩු කිලෝ 01 ග්‍රෑම් 550ක්, සෙන්ටිමීටර් 116ක් දිග සේවා නූලක් සහ ඩෙටනේටර් 03ක් සොයාගත් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 37, 50 හා 60 යන වයස්වල පසුවන මිනිපේ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් මහවැලි ගඟේ මසුන් මැරීම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන විත් ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles