ලොකුසාදු සාමනේර හිමිවරු 3ක් අපහරණය කරලා

හැටන් නාවලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩිහිටි හිමි නමක් ඊයේ නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ විහාරස්ථානයේ සිටින සාමනේර හිමිවරු තිදෙනෙක් අපහරණය කළැයි සැකකරමින්. අධිකරණය උක්ත භික්ෂුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

එම සාමනේර හිමිවරුන් ද එහි සිටින අනෙක් සාමනේර හිමිවරුන්ද නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට යොමු කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කර තිබෙනවා. ළමා ආරක්ෂණ අධිකාරිය ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කර සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles