මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයින් තිදෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නැතැයි ප්රජාතාන්ත්රීය, ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක පවසනවා.
පෞද්ගලික රුපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ අතර ඉන් එක් අපේක්ෂකයෙක් පසුගිය දා අභාවප්‍රාප්ත වුණා.
“අභාවප්‍රාප්ත වූ පුද්ගලයා වෙනුවට තවමත් නම් කර නැහැ. ඒ නම් නොකිරීම තුළ මම යම් දුර්වලතාවයක් දකිනවා. මේ 38 දෙනාගෙන් 15 දෙනෙක් පමණයි යටත් පිරිසෙන් අඩුම තරමේ පුද්ගලයින් 10 දෙනෙකු හෝ රැස්කර හමුවක් පවත්වා තිබෙන්නේ. අනෙක් 24දෙනා එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. තව 23 දෙනෙකු ඉතුරුයි. ඒ 23 දෙනාගෙන් 03 දෙනෙකු ආගිය අතක් නැහැ.
මැතිවරණ කොමිසමට ලබාදී ඇති දුරකථන අංකවලට ඇමතුවාට පස්සේ ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක් අමතන්නේ වෙන කෙනෙක්. අනෙක් කෙනා දුරකථනය විසන්ධි කරනු ලබනවා. ඒ 23 දෙනාගෙන් 05 දෙනෙකුට අඩුම තරමේ සමාජ මාධ්‍ය යටතේ ෆේස්බුක් ගිණුමක්වත් නැහැ.
අනික් කාරණය තමයි අපිට අවශ්‍ය වුණා මේ 39 දෙනාගේ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක් අප්ලෝඩ් කරන්න අපේ වෙබ් අඩවියේ. එහිදීත් ඇත්තටම ඡායාරූපයක් පවා ලබාගැනීමට නොහැකි වී තිබෙනවා ඔවුන්ගේ සන්නිවේදනය හරහා. 15 දෙනෙකු හැර අනෙක් 24 දෙනා සන්නිවේදනය සඳහාවත් එළඹෙන්නේ නැහැ