පැය 4ට 30000යි: ගණිකා ජාවාරම මෙහෙයවූයේ යැයි වැඩිහිටි නිළියක් දැලේ

මත්පැන් සාද පවත්වා ධනවත් ව්‍යාපාරිකයන්ට කාන්තාවන් අලෙවි කිරීමේ මහා පරිමාණ ගණිකා ජාවාරමක් සිදු කරගෙන ගිය නිළියක් ඇතුළු කාන්තාවන් පිරිසක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ජාවාරමේ මහ මොළකාරිය ලෙස කටයුතු කර ඇත්තේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට වල රඟපෑ මේ වන විට 48 හැවිරිදි වියේ පසු වන නිළියක්.

මුදලට විකුණන කාන්තතාවන්ගේ ඡායාරූප වට්ස්ඇප් හරහා ව්‍යාපාරිකයන්ගේ දුරකතනවලට යොමු කරන අදාළ නිළිය පවසන්නේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය පරිදි තමන් කැමති රූ සපුවකින් යුත් කාන්තාවක් හෝ නිළියන් විවිධ පැකේජ හරහා තමන්ගෙන් ලබාගත හැකි බවයි.

ඒ අනුව ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරියෙකු අදාළ නිළිය වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධ කරගෙන තිබෙන අතර මත්පැන් සාද පවත්වා ඔහුට අවශ්‍ය කාන්තාවන් ලබාදීමට අදාළ නිළිය පැමිණෙන ලෙස පවසා ඇත්තේ හොරණ ගෝනපල ප්‍රදේශයටයි.

අදාළ නිළිය ඇතුළු කාන්තාවන් 5 දෙනෙකු එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ නිළිය මෙම ජාවාරම සිදු කිරීමේදි එක කාන්තාවක් පැය 4ක කාලයක් සඳහා මිල කර තිබුණේ රුපියල් 30,000ක මුදලකටයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් පිරිස හොරණ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබාගෙන ඉදිරි විමර්ශන සිදු කරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles