දිනපතා ලංගම කොන්දොස්තරලා 35කගේ වැඩ තහනම්!

ලංකා ගමනා මණ්ඩලයේ (ලංගම) කොන්දොස්තර මහතුන් 35 ක‌ගේ පමණ දිනකට වැඩ තහනම් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසනවා.‍

ඒ් බස් රථයේ එකතු වන මුදල් ලංකා ගමනා මණ්ඩලයට ලබා නොදීම හේතුවෙන් බව එම අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා‍.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ දූෂණ සහ අක්‍රමිකතා අවම කරමින් ලංකා ගමනා මණ්ඩලය ලාභ ලබන තත්වයට කෙටි කළත් තුළ පත්කිරීමට අපේක්‍ෂා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

මේ බව අමාත්‍යවරයා කියා සිටියේ ලංකා ගමනා මණ්ඩලයට බඳවා ගන්නා නව රියදුරන් සහ කොන්දොස්තර මහතුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles