වර්ජනයෙන් දුම්රිය වාර 36ක් අවලංගුයි

පවතින දුම්රිය වර්ජනය හේතුවෙන් අද (12) උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී තිබෙනවා.

අද උදෑසන හලාවත, ගනේවත්ත, අලුත්ගම සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය කිහිපයක් මෙලෙස අවලංගු වී ඇති බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළේ.

එමෙන්ම කොළඹ සිට ධාවනයවීමට නියමිතව තිබූ කෙටි දුම්රිය ගමන් වාර කිහිපයක් ද මෙම වර්ජනය හේතුවෙන් අවලංගු වී තිබෙනවා.

කෙසේවෙතත් මේ වනවිට රඹුක්කන, පොල්ගහවෙල, මහනුවර, මහව, කුරුණෑගල, ගාල්ල, අවිස්සාවේල්ල යන ප්‍රදේශවල සිට ධාවනය කෙරෙන දුම්රිය ධාවනය කෙරෙන බවයි එම්.ජේ. ඉදිපොලගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය, ධාවනාගාර කිහිපයක වර්ජනයක් ආරම්භ කර තිබුණා.

වැටුප් වර්ධක සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් මෙලෙසන මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එහි ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles