වැ.බ. පොලිස්පති ලෙස පත් කර ඇති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් සහ ඔහු පොලිස්පති ධුරයට පත් වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් ගොනුකර තිබෙනවා.
අගරදගරු මැල්කම් කාදිනල් රංජිත් හිමි, සත්‍ය හා යුක්තිය උදෙසා නීතිඥ සංවිධානය, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් තිදෙනෙකු සහ අරගලය වෙනුවෙන් අයෙකු මෙම පෙත්සම් ගොනු කළ අය වෙනවා.
පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකොන් සිය රාජකාරි පැහැර හැර ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා.
එසේ ම පසුගිය අරගල සමයේ ගොල්ෆේස් අරගලකරුවන්ට කෘෘර ලෙස පහර දුන්නේ දේශබන්දු බස්නාහිර පළාත් ජෙ.නි. පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සමයේ බවයි එම පෙත්සම්වලින් දක්වා ඇත්තේ.
රටේ නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන දෙපාර්තමේන්තුවක් එවැනි අයෙකුට පැවරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි ඔවුන් පෙත්සම් මගින් පෙන්වා දී ඇත්තේ.