LTTE රත්තරන් සෙවූ පොලිස් සැරයන් ඇතුළු 4ක් දැලේ

සිලාවතුර පොලිස් ස්ථානයට යාබද ස්ථානයක එල්ටීටීඊ සංවිධානය වලදමා ඇතැයි කියන මුදල් හා ස්වර්ණාභරණ ගොඩගැනීම සඳහා වළක් හාරමින් සිටි නාවික භටයකු, පොලිස් සැරයන්වරයකු ඇතුළු සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව සීලාවතුර නාවික හමුදාව පවසනවා.

සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම මූලස්ථාන පොලිසියට බාර දුන් බවයි සඳහන් වන්නේ.

ඒ ආසන්නයේ නවතා තිබූ සැකකරුවන් පැමිණියා යැයි කියන වාහනයක් වැඩිදුර විමර්ශන සඳහා පොලිසියට බාරයට ගෙන තිබුණා.

අත්අඩංගුවට පත් සැකකරුවන් නාවුල, මැණික්දෙන,හා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 – 38 අතර වයසේ පසුවන පුද්ගලයින් වන අතර අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනාගෙන් එක් තැනැත්තෙකු රියදුරකු බවත්, අනිත් පුද්ගලයා කම්කරුවකු ලෙසත් පොලිස් පරීක්ෂණවලදී හඳුනාගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles