ජනාධිපති රනිල් වික්රමසිංහගේ මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්වීම් දිස්ත්රික් නායකයින්ගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පසුගිය දින කිහිපය පුරා පැවැත්වුණා.
මේ අවස්ථාවට අගමැති දිනේෂ් ගුණවර්ධන,ප්රසන්න රණතුංග,මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන,නිමල් ලාන්සා ඇතුළු ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.
එම රැස්විම් පැවැත්වෙන හෝටලයේ වෙනම රහසිගත කාමරයක ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු පැමිණ දේශපාලන ඩීල් කිහිපයක් දැමු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කළා.
මේ සදහා රත්නපුර, කෑගල්ල සහ කලුතර නියෝජනය කරමින් සජබ මන්ත්රීවරුන් සිව්දෙනෙකුද සහභාගී වී ඇතැයි සඳහන්.
ඔවුන් පවා එම රහසිගත කාමරයට ගොස් ඇත්තේ සිය ආරක්ෂක නිලධාරින් හෝටලයේ රථ ගාලේ නතර කරමින්.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම දේශපාලන ඩීල් දමා ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.
අන්න ලංකාවේ හෙට දවසේ යහපතක් බලාපොරොත්තුවෙනවා නම් මේ දෙගොල්ලෝ එකතු වෙන්න ඕන. 3න් 2ක බලය අරන් තනි පාලනයක් හදලා එක එකාගේ බලයට යටත්නොවී හරි පාලනයක් ගෙනියන්න ඕන. එහෙම නැත්නම් ගෝඨාභය මහත්තයා ගියාට වැඩි වේගයෙන් මේ ජන්දයෙන් එන නායකයා පන්නා දමාවි. රටේ මිනිස්සු එයින් පස්සේ තමයි තේරුම් ගන්නේ අපිට වැරදුණා කියලා .එහෙම මෝඩ නොවී ඉදිරියට යන්න නම් සජිත් මහතා සහ රනිල් මහතා එක්ව කටයුතු කළ යුතුයි. ඒ වගේම ඒකාධිපති ක්රමය අහෝසි කර, පාර්ලිමේන්තුවට බලය දිය යුතුයි. රනිල් මහතා ජනාධිපති ලෙසත්, සජිත් මහතා අගමැති ලෙසත් කටයුතු කිරීමෙන් හැර අපේ රටට සුගතියක් අත්නොවනු ඇත.