රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ධුරවලින් ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව ඔවුන්ව ඉවත් කර ඇතැයි සඳහන්.