බස්නාහිර පළාතට ගුරුවරුන් 4000 ක් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා ඇති බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක සඳහන් කළේ.
මේ වනවිට බස්නාහිර පළාතේ ඇති ගුරු පුරප්පාඩු 4000 ක් අති බවත් එම බඳවා ගැනීම් කිරීමට ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බවත් සඳහන් කරන ආණ්ඩුකාරවරයා විශේෂයෙන් ඉංග්රිසි හා දමිල භාෂා ගුරුවරුන් නොමැතිවීම මෙම පුරප්පාඩු බඳවා ගැනීමට විශේෂ හේතුවක් බවයි පවසන්නේ.