හොර දොස්තරලා 40000ක් ! වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්

නීතිවිරෝධී ව්‍යාජ වෛද්‍යවරුන් නිසා ජනතාවගේ සෞඛ්‍යට එල්ලවී ඇති බරපතළ තර්ජනය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අවශ්‍ය සුදුසුකම් සපුරා ගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභවේ හෝ ආයුර්වේද වෛද්‍ය සභාවේ හෝ හෝමියෝපති වෛද්‍ය සභාවේ පූර්ණ සහ වලංගු ලියාපදිංචිය ලබා තිබිය යුතු බව අවධාරණය කරන එම සංගමය එසේ නොවන සියලු දෙනා ව්‍යාජ වෛද්‍යවරුන් බව පවසනවා.

කිසිදු මූලික සුදුසුකමක් නොමැතිව වෛද්‍ය කර්මයේ යෙදෙන, තමන් ලියාපදිංචි වූ වෛද්‍ය කර්මය හැර වෙන ඒවායේ කටයුතු කරන, බටහිර වෛද්‍ය කර්මයේ වෙනත් සේවක කාණ්ඩ ලෙස පෙනී සිටීම මෙයින් ප්‍රධාන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙලෙස කටයුතු කරන 40000ක් පමණ රට පුරා සිටින අතර ජනතාවගේ ජීවිත බරපතළ අවදානමකට ලක්ව තිබෙන බව එම සංගමය පවසනවා. කෙසේ වෙතත් බලධාරීන් මේ ගැන කටයුතු කරන්නේ මන්දගාමීව බව කියන ඔවුන් මේ සම්බන්ධයෙන් වන නිසි ක්‍රියාමාර්ගවලට සිය සංගමයේ සහය පළ කරන බව නිවේදනය කරනවා.

එම නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles