ලබන වසරේ සිට මෙරට අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදු කෙරෙන බව රජය පසුගිය කාලය පුරාම ප්‍රකාශ කරනු ලැබුවා.
මෙයින් එක් වෙනස්කමක් කිරීමට නියමිත වන්නේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙනුයි. මෙහිදී සිසුන්ගේ සාක්ෂර සහ අංකන හැකියාව මැන බැලීමට විශේෂ අවස්ථාවක් ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
නව වෙනස්කම් අනුව දරුවන් විභාගයෙන් ගන්නා ලකුණු සංඛ්‍යාව පමණක් නොව පාසල් පන්ති කාමරයේ සිදු කරන ඇගැයීම්වලින් 30%ක ප්‍රමාණයක් මුළු ලකුණට ලබා ගැනීමට ද අපේක්ෂා කෙරෙනවා. මේ ක්‍රමය පාසල් මණ්ඩල මගින් අධීක්ෂණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.