8 වසරේ දැරියට හදි කළ බස් කොන්දොස්තර ඇතුළු 5ක් දැලේ

අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොන්දොස්තරවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරණ, රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු කළුතර, දියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක රඳවා ගැනිමට අනුබල දුන් පුද්ගලයෙකු බව කළුතර උතුර පොලීසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට පත්වූවන්ගෙන් දෙදෙනකු විවාහකයින් බවත් ඉන් එක් අයෙකු වයස 60 ඉක්මවූ අයෙකු බවත් විමර්ශන වලදී හෙලි වී තිබෙනවා.

දැරිය සිය රෝගි දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර, නිවසේ අගහිඟකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබාදෙමින් දැරිය රවටා වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයට ලක්කර ඇති බවයි පැවසෙන්නේ.

අදාළ පෞද්ගලික බස් කොන්දොස්තරවරයා මාසයකට පමණ පෙර දැරිය හොරණ , රෙමුණ ප්‍රදේශයේ නිවසට කැටුව ගොස් රඳවා තබාගෙන අතවර කර ඇති අතර, මෙම දැරිය නිවසෙන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කළුතර උතුර පොලීසිය සිදුකළ විමර්ශනයේ දී දැරියව රවටා ගෙන ගොස් රඳවා තබා ගත් යැයි සැක කෙරෙන කොන්දොස්තරවරයා පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟ හොරණ, රෙමුණ ප්‍රදේශයේ එම කොන්දොස්තරවරයාගේ නිවසේදී මෙම දැරිය සොයා ගත් බව සඳහන්.

ඉන් පසුව දැරියගෙන් සිදුකරන වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, එම කොන්දොස්තරවරයා දැරිය පැහැරගෙන යාමට පෙර වසර කිහිපයක සිට විවිධ පුද්ගලයින් විසින් ඇයව බරපතළ ලිංගික අපයෝජනයට සහ දූෂණයට ලක් කර ඇති බවයි.

දැරිය එම ප්‍රදේශයේ ලැගුම්හල්වලට සහ නිවස ආසන්න ප්‍රදේශවලදී දූෂණයට ලක්ව ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව සඳහන්.

දැරිය මේ වනවිට කළුතර, නාගොඩ ශීක්ෂණ රොහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles