නිධන් හැරූ හිමිනම සමග 5ක් දැලේ

මීගස්වැව ගාමිණිපුර ඉලුක්පිටිය රක්ෂිත ප්‍රදේශයේ දී පුරාවස්තු ලබා ගැනිමේ අරමුණින් කැණීම් කරමින් සිටි හිමිනමක් සහ තවත් පුද්ගලයන් පස්දෙනෙකු මීගස්වැව පොලිසිය විසින් අත්ඩංගුවට ගත් බව වාර්තා වෙනවා.

අවුරුදු 33 ක් වූ හිමිනම ගුරුගොඩැල්ල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ වාසය කරන අතර අනෙක් සැකකරුවන් වයස අවුරුදු 24,27,30,42 හා 50 වයස්වල පසුවන මහතලාකොලවැව ප්‍රදේශයේ පදිංචිකරුවන්ව මෙලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ සමග බවයි පොලිසිය පනසන්නේ.

මේ පිළිබඳ මීගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles