සෞදි අරාබියේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර වැඩසටහන් යටතේ ශ්රී ලංකාවට ටොන් 50ක රට ඉඳි තොගයක් තෑගි ලෙස ලැබී ඇතැයි වාර්තා වෙනවා.
එරට ශ්රී ලංකා තානාපති කාර්යාලයට අනුව එම තොගය ශ්රී ලංකා බලධාරීන්ට නිල වශයෙන් ඊයේ (6) භාර දී තිබෙනවා.
රාමසාන් වෙනුවෙන් විශේෂයෙන් මේ තිළිණය ශ්රී ලංකාව වෙත ලබා දෙන බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.