දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්ලස් ගන්නා අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පුත්තලම වෙට්ටාලෙයි ප්රදේශයේ පදිංචි කාරිනියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විනිසුරුවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම විනිසුරුවරයා ඉල්ලූ බව කියන මුදල වශයෙන් රුපියල් 5000ක මුදලක් විනිසුරු වරයාට ලබාදීම සඳහා පැමිණිලිකාරිය පුත්තලම උසාවියට පැමිණි අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් විනිසුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති තිබුණා.
පසුව ඔහුව පුත්තලම මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.