මෙරට රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් 5000ක් පමණ විදේශ වෛද්‍ය සේවයේ නිරතවීම සඳහා අවශ්‍ය විභාග සමත්ව ඇති බව වාර්තා වෙනවා. මෙය සෞඛ්‍ය අමාත්‍යංශයට බරපතල ගැටලුවක් වී ඇතැයි සඳහන්.
මෙරට මේ වන විට 20000ක පමණ වෛද්‍යවරුන් සංඛ්‍යාවක් සේවය කරන බවත් ඉන් 5000ක් විදෙස් ගත වුවහොත් සෞඛ්‍ය පද්ධතියට මහත් බලපෑමක් වනු ඇති බවත් කියැවෙනවා.
වෛද්‍යවරුන් විදේශගතවීම වැළැක්වීම සඳහා වැටුප් පද්ධතිය සංශෝධනය කිරීමට යෝජනා වී ඇතත් රජයෙන් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නැහැ.