කොළඹ සෙවණ අහිමි වෙන ලකුණු

කොළඹ නගරය පුරා වසර ශත වර්ෂයකට වඩා පැරණි, අනතුරුදායක ගස් 558ක් හඳුනාගෙන ඇතැයි කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසනවා.

මෙයින් ගස් 300කට අධික ප්‍රමාණයක් අධිඅවදානම් බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් අනෙක් නගරවලට සාපේක්ෂව ශත වර්ෂයකට අධික පැරණි ගස් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ කොළඹ නගරාශ්‍රිතව බවයි වාර්තා වන්නේ.

මේවායේ අතුකපා දැමීමට සහ නඩත්තුව වෙනුවෙන් කොළඹ නගර සභාව වෙහෙස ගන්නා බවත් එහෙත් මේ ගස් අනතුරුදායක ලෙස කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවත් ආරංචි පළ වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles