දැරියන් අපයෝජන කළැයි සොයමින් සිටි 57 වියැති ගුරු අල්ලයි

කුරු­ණෑ­ගල නග­රයේ ප්‍රසිද්ධ පාස­ලක ඉගෙ­නුම ලබන ළාබාල සිසු­වි­යන් පිරි­සක් ලිංගික අප­යෝ­ජ­න­යට ලක්කි­රීමේ සිද්ධි­ය­කට සම්බන්ධ එම පාසලේ සේවයේ නිර­තව සිටි ඉංග්‍රීසි ගුරු­ව­ර­යකු අත්අ­ඩං­ගු­වට ගත් බව කුරු­ණෑ­ගල මූල­ස්ථාන පොලි­සිය පව­සනවා.

සැක­කාර ගුරු­ව­රයා වැල්ලව ප්‍රදේ­ශයේ නිවෙ­සක සැඟවී සිටි­ය දී පොලි­සි­යට ලද තොර­තු­ර­කට අනුව අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙනවා.

මෙම අප­යෝ­ජන සිද්ධිය පසු­ගිය වසරේ නොවැ­ම්බර් මාස­යේ දී පොලි­සි­යට වාර්තා වී ඇති අතර ඒත් සමඟ මෙම ගුරු­ව­රයා සේව­යට පවා වාර්තා නොකර තැනින් තැන සැඟ­වෙ­මින් සිටි බව පොලි­සිය සඳ­හන් කරනවා.

අවු­රුදු පනස් හතක් වය­සැති අවි­වා­හක ගුරු­ව­ර­යකු වන සැක­කරු මෙම සිද්ධි­යෙන් අන­තු­රුව සේව­යට වාර්තා නොකි­රීම හේතු­වෙන් මේ වන විට සේවය ද අත්හි­ටුවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු එම පාසලේ හය­වන වසරේ ඉගෙ­නුම ලබන සිසු­වි­යන් පස්දෙ­නෙ­කුගේ සිරුරු ස්පර්ශ කර­මින් අප­යෝ­ජ­න­යට ලක් කර ඇති බව පොලිස් විමර්ශන තුළින් අනා­ව­ර­ණය වී තිබුණා.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පතිගේ උප­දෙස් අනුව කුරු­ණෑ­ගල දිසාව භාර නියෝජ්‍යගේ මෙහෙ­ය­වී­මෙන් කුරු­ණෑ­ගල මූල­ස්ථාන පොලි­සියේ ළමා හා කාන්තා කාර්යාං­ශය සැක­කරු පිළිබඳ වැඩි­දුර විම­ර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles