ගිය වසරේදී (2022) විවිධ කර්මාන්ත ශාලා සහ සේවා ස්ථාන දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් වැසීම යෑම හේතුවෙන් පන්ලක්ෂ තිස් තුන් දහස් අටසිය පනස් අටකට ( 533858) රැකියා අහිමිවී ඇති බව වාර්තා වනවා.
ඒ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දී ඇති බවයි පැවසෙන්නේ.
මෙසේ රැකියා අහිමි වූ පිරිසට, කර්මාන්ත අංශයේ තුන්ලක්ෂ අනූ හය දහස් එකසිය පනස් නව දෙනෙක්ද සේවා අංශයේ එක් ලක්ෂ තිස් හත්දාස් හයසිය අනූ නව දෙනෙක්ද ඇතුළත් වනවා.
මේ අතර පසුගිය වසරේදී පුද්ගලයන්ගේ වැඩ කරන පැය ගණනද සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවද මහාචාර්යවරයා අදාළ ලිපි ලේඛන දත්ත ඇසුරෙන් පෙන්වා දී තිබෙනවා
තවද කම්හල් බොහොමයක් වැසී ගොස් ඇත්තේ අමුද්‍රව්‍යවල අධික මිල, විදුලි ගාස්තු සහ ඉන්ධන මිල ඉහළ යෑම යනාදී හේතු නිසා බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.