කැනඩාවේ ඔටාවාහි ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කර දමා තිබෙනවා. මවක්, දරුවන් සිව් දෙනෙක් සහ තවත් පුද්ගලයෙකු මිය ගිය පිරිස වෙනවා. මෙම පවුලේ පියා තුවාළ සහිතව රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගිය දරුවන් සිව් දෙනාම වයස අවුරුදු 7ට අඩු අය බව සඳහන් වෙනවා. ඔටාවා පොලිසියට අනුව සැකකරු 19 හැවිරිදි ෆ්‍රෙබියන් සොයිසා නම් අයෙක්. මෙය වෙඩි තැබීමක් නොව තියුණු ආයුදයකින් කළ පහරදීමක් බව පැවසෙන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
වසර 30 කාලයක් තුළ ඔටාවාහි මෙවැනි ඝාතනයක් සිදුවූ පළමු අවස්ථාව මෙය බවයි එහි නගරාධිපතිවරයා පවසා ඇත්තේ.