බුදුදහම සම්බන්ධයෙන් දේශන පැවැත්වූ පැවැත්වූ මහපු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 46 හැවිරිදි පුද්ගලයා පසුගිය දා සයනයිඩ් ශරීරගත කරගෙන මියගොස් තිබුණා. ඔහු රට පුරා අනුගාමිකයින් සහිතව දේශන පැවැත්වූ අයෙක් බවයි පැවසෙන්නේ. ඔහුගේ මරණයෙන් පසු අවසන් කටයුතු සිදු කළ දින ඔහුගේ බිරිඳ සහ පුතුන් දෙදෙනාද දියණියද මිය ගොස් තිබුණා. ඔවුන්ද විෂ ශරීරගත කරගෙන මියගොස් තිබු බවයි විමර්ශකයින් සැක පළ කරන්නේ. මෙම මරණ සිදුවීමෙන් පසු පොලිසිය සැක පළ කර තිබුණේ මොහු යම් කිසි විෂක් සිය අනුගාමිකයන් අතර බෙදා තිබුණේද යන්නයි.
අද වන විට වාර්තා වන්නේ, ඔහුගේ දේශනවලට සහභාගි වෙමින් ඔහුව ළඟින් ඇසුරු කළ තවත් පුද්ගලයන් දෙදෙනෙක්ද විෂ ශරීරගත වී මිය ගොස් ඇති බවයි.
ඔවුන් 24 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් සහ 34 හැවිරිදි තරුණයෙක් බව පැවසෙනවා. ඒ අනුව විෂ ශරීරගතව මිය ගියේ යැ යි සැක කළ හැකි මරණ සංඛ්‍යාව 07ක් වෙනවා.
මොහුගේ අනුගාමිකයන් වෙත යම් ආකාරයක විෂක් බෙදා හැර ඇති දැ යි ඉක්මනින් සොයා බැලිය යුතු බවයි ජනතාව පවසන්නේ. මරණ 7ක් සිදු ව තිබීම සුළුකොට තැකිය නොහැකි බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.