පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා මාදිවෙල පිහිටි මන්ත්රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්රීවරු අසූ දෙනෙකු පමණ අයදුම්පත් යොමු කර ඇතැයි වාර්තා වෙනවා.
ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් හැටකට ආසන්න පිරිසක් එම මන්ත්රී පිරිස් අතර වන බවයි සඳහන් වන්නේ.
හිටපු මන්ත්රීවරුන් හත් දෙනෙකුද මාදිවල නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් නොවී තවමත් එහි රැඳී සිටින අතර ඔවුන්ට ඉක්මනින් ඉන් ඉවත් වන ලෙසද දැනුම් දී ඇතැයි සඳහන්.
නවක මන්ත්රීවරුන්ට එම නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීම එළඹෙන තුන්වෙනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
නවක මන්ත්රීවරුන්ට ලබාදීම සඳහා එම නිවාස සංකීර්ණය මේ දිනවල අලූත් වැඩියා කටයුතු කරමින් සිටින බවද සඳහන්.
මෙහි මන්ත්රීවරුන් එකසිය දහයකට පමණ නිල නිවාස සපයා දීමේ හැකියාවක් තිබෙන බවයි පැවසෙන්නේ.