මෙවර මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරඟ කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කර සිටියේ නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි.
යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම්වලට අධිකරණයට යා හැකි බවද ඔහු අවධාරණය කළා.
වැඩිම දේශපාලන කණ්ඩායම් ප්‍රමාණයක් තරඟ කරනු ලබන්නේ දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා යි. ඒ ක්ණාඩයම් 64ක්.
අවම කණ්ඩායම් ගණනක් තරඟ කරනු ලබන්නේ මොනරාගල සහ පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා වන අතර ඒ සඳහා කණ්ඩායම් 15 බැගින් තරග කරන බව සඳහන්.
2024 මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම ඊයේ (11) දහවල් 12ට අවසන් වූ අතර මනාප අංක ඉදිරියේදී ලබාදීමට නියමිතයි.