සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්රචාරක රැලියක් අතරතුර සිදුකළ රතිඤ්ඥා පත්තු කිරීමකින් හේතුවෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
ප්රචාරක රැලිය ආරම්භ කරනවාත් සමඟ අදාළ ස්ථානයේ රතිඤ්ඤා පත්තු කර ඇති අතර ඉන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.
සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහභාගී වන එම රැලිය මේ වනවිටත් මහනුවර පැවැත්වෙනවා.