ක්ලබ් වසන්තගේ ඇඟේ වෙඩි උණ්ඩ 8ක් : මරණයට හේතුව හිසට සහ පපුවට සිදු වූ තුවාල

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ඝාතනය කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ ශරීරයේ තිබී උණ්ඩ අටක් හමුවූ බව අද (09) දින නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රනීත් සෙනෙවිරත්න විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ බව සඳහන්.

එයින් උණ්ඩ තුනක් ඒ ඔහුගේ හිසෙහි වැදී තිබියදී සොයා ගත් බවත් අනෙක් උණ්ඩ පහ පපුවේ සහ උදරයේ තැනින් තැන තිබී හමු වූ බවත් එම වාර්තාවේ දැක්වෙනවා.

හිසට සහ ඉනෙන් ඉහල ප්‍රදේශ වලට වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බවටද හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රනීත් සෙනෙවිරත්න විසින් නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව දේහය ඥාතීන් වෙත ලබාදීමට කටයුතු කර ඇති අතර දේහය ජයරත්න මල් ශාලාවට අද පස්වරුවේ ගෙන එනු ලැබුවා.

මේ අතර අතුරුගිරිය වෙඩි තැබීමේදී වෙඩිවැදී රෝහල්ගත කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ සන්තකයේ තිබුණු ගිනිඅවිය නීත්‍යානුකූල නොවන ගිනිඅවියක් බව අනාවරණය වී ඇතැයි පොලිස්පතිවරයා ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles