2023 වසරේ මෙරට ලොකු ලූනු මිල ජනතාවට දරා ගැනීමට නොහැකි තරම් ඉහළ ගියා. කිලෝවක මිල රුපියල් 1000ක් දක්වා නැගුණු අතර එයට හේතු ලෙස පැවසුණේ ඉන්දියාව ලොකු ලූනු අපයනය නැවැත්වීම වැනි කාරණායි.
කෙසේ වෙතත්, මේ පිටුපස දැවැන්ත ජාවාරමක් තිබු බව ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පා.ම. පාඨලී චම්පික රණවක ඊයේ (01) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා.
මෙරටට රුපියල් 92කට ගෙන්වූ ලොකු ළූනු කිලෝව ඔරුගොඩවත්තේදී රු. 365කට ද පාරිභෝගිකයාට රුපියල් 700ට වැඩි මිලකට ද අලෙවි වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ. එහිදී උපයා ගෙන ඇති අයථා ලාභය රුපියල් කෝටි 8000ක් බව ඔහු පෙන්වා දුන්නා. අර්තාපල් කිලෝව රුපියල් 110ට ගෙන්වා රුපියල් 840කට ද අලෙවි කර තිබුණා.
එසේ ම මෙරට ජනතාවට බදු පිට බදු ගසා ජීවිත්වීම දුෂ්කර කර තිබෙන තත්වයක් යටතේ, කෝටි 100ට වඩ බදු ගෙවීම 92 දෙනෙක් විසින් පැහැර හැර ඇති බවයි ඔහු කියා සිටියේ. රුපියල් කෝටියකට වඩා බදු පොලු තැබූ 4479 දෙනෙකු සිටින බව පවසන රණවක මන්ත්‍රීවරයා ජනතාවගේ අත්‍යාවශ්‍ය ආහාර සහ ඉන්ධන සඳහා බදු අයකිරීම යුක්තිසහගත නොවන බව අවධාරණය කළා.
සුරාබදු ආදායම ද බදු නොගෙවීම නිසා වැටී ඇති බවත් ඒවා අය කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටිනවා.