රාජ්‍ය සේවකයන් 8400ක් ස්ථිර කරන්න යයි

පළාත් පාලන ආයතනවල සිටින සේවකයින් සඳහා ස්ථීර පත්වීම් ලබාදීම සඳහා රජයේ අවධානය යොමුව තිබෙනවා.

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මේ බව පැවසුවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටියා.

ඒ අනුව, රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, පළාත් පාලන ආයතනවල සිටින 8400ක පමණ වූ සේවකයින් ප්‍රමාණය සඳහා කඩිනමින් ස්ථිර පත්වීම් ලබාදීමට එහිදී අවධානය යොමුවූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles