රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සේවකයන් 8,400 ක් ස්ථිර කිරීම සඳහා එම අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
වැඩිම රජයේ සේවකයන් පිරිසක් රාජකාරි කටයුතු කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ බවත්, මෙම අමාත්‍යාංශයේ සේවකයන් 495,000 ක් සේවයේ නිරතව සිටින බවයි.
එසේම මේ අතර අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙතෙක් ස්ථිර පත්වීම් නොලැබූ අවුරුදු 18 ත් 20 ත් අතර කාලයක් පැරණි සේවකයන් අමාත්‍යාංශයේ සහ එහි ආයතනවල සිටින බවත්, ඔවුන් ස්ථිර කිරීමට නියමිත බවත්ය.