තරුණයෙකු මරණයට පත් කිරීමේ අරමුණෙන් 1989 වසරේදී සුදු වෑන් රථයකින් පැමිණ පැහැරගෙන යෑම සම්බන්ධයෙන් වන චෝදනාවට වරදකරු කරමින් එවක හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජෝශප් ඩගලස් පීරිස් සහ තවත් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට වසර පහ බැගින් සිර දඬුවම් නියම කර ගම්පහ මහාධිකරණය ලබා දුන් තීන්දුව අභියාචනාධිකරණය විසින් ස්ථිර කර වහාම ක්‍රියාත්මක කරන ලෙස නියෝග කර තිබෙනවා.
1989 ජනවාරි මස පළමු වැනිදා නිල ඇඳුමෙන්ම පැමිණ දෙල්ගොඩ ප්‍රදේශයේදී රත්නචන්ද්‍ර ලියනගේ නමැත්තා මරණයට පත් කිරීම පිණිස පැහැරගෙන යෑම ඇතුළු අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා විසින් මෙම පිරිසට එරෙහිව නඩු පවරා තිබුණා.
ගම්පහ මහාධිකරණය මගින් නියම කර තිබූ මෙම දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර තිබුණු අතර එම පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ලබා දුන් අභියාචනාධිකරණය උක්ත තීන්දුව නීතියට අනුකූල බව ස්ථිර කොට සිටියා.
19888-89 වසරවල සිදුවුණු භීෂණාත්මක සිදුවීම් සමයේ පොලිසියේ ඉහළ නිලයක් හෙබවූ ඩගල්ස් පීරිස් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කෙරුණා.
බටලන්ද වධකාගාරය ලෙස කුප්‍රකට වධක ස්ථානය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් ඍජුවම වගකිව යුතු බව බටලන්ද විමර්ශන කොමිසම විසින් පවසා තිබුණා.