දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය සොයාගෙන තිබෙනවා. ඒ භූ විද්‍යාඥයින් පිරිසක් විසින්.
මෙම මහාද්වීපය සොයා ගැනීමට හැකි වී ඇත්තේ වසර 375 කට පමණ පසුව බවයි පැවසෙන්නේ.
භූ විද්‍යාඥයින් සහ භූ කම්පන විද්‍යාඥයින්ගේ කුඩා කණ්ඩායම සීලන්තයේ නොහොත් Zealandia හෝ Te Riu-a-Maui හි අලුතින් සිතියමක් නිර්මාණය කර ඇති බවයි Phys.org සඳහන් කරන්නේ.
එය පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ සාගර පත්ලෙන් ගොඩගත් පාෂාණ සාම්පලවලින් ලබාගත් දත්ත භාවිතයෙන් බවත්
නව මහාද්වීපය නවසීලන්තයට සමාන වන අතර දූපත් අතලොස්සක් සමගින් භූමියෙන් සියයට 94ක් දිය යට පවතින බවත් පැවසෙනවා.
කෙසේ වෙතත්, එම පර්යේෂණයේ සම්පුර්ණ විස්තරයක් Tectonics සඟරාවෙහි පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ.