සිසුවිය කෙළෙසූ ගුරාට වසර 12ක අච්චුවක්

පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කල ස්වෙච්ඡා ගුරුවරයෙකුට වසර 12 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ලබා දීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසූරිය නියෝග කර තිබෙනවා.

චූදිත 2010.01.01 – 2010.01.31 අතර දිනයක අවු 16 හැවිරිදි පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සැකකරුට එරෙහිව නුවරඑළිය මහාධිකරණය හමුවේ නෛතික පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව බරපතළ වැඩ සහිතව සිර දඩුවම් ලැබුවේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් වතුයායේ පදිංචි රාජරත්නම් ජෙගදිස්වරන් වන අතර එම අදාළ චූදිතට රු පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කල බවත් එම දඩ මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම් කාලය තවත් මාස තුනක් දක්වා දිර්ඝ කරන බවත් දන්වා තිබෙනවා.

මහාධිකරණ විනිසුරුවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ වින්දිත තරුණියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසටත්, එම වන්දි මුදල ගෙවිමට අපොහොසත් වුවහොත් තවත් වසර දෙකක කාලයක් සිර දඩුවම් ලබාදිමට හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles