ආර්ථික පීඩා නිසා රුසියාවේ සටනට ගිය 27 වියැති ලාංකික සෙබළා මරුට

රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටනට සහභාගි වූ 27 හැවිරිදි ශ්‍රී ලාංකික සෙබළෙක් ජීවිතක්ෂයට පත් වී ඇතැ යි අල්ජ-ජසීරා වාර්තා කරනවා. ඔහු ශ්‍රී ලංකාවේ හමුදා සේවයේ සිට ඉවත්ව රුසියානු හමුදාව සහ එක්ව සටන් කර ඇති බවයි පැවසෙන්නේ. හේ වසර 9ක් ශ්‍රී ලංකා හමුදා සේවයේ නිරතව සිටි අයෙකු බවත් සඳහන්.

නිපුන සිල්වා නමැති මෙම සෙබළා යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකට හසුව මිය ගිය බවයි සඳහන් වන්නේ.

තවත් ශ්‍රී ලාංකිකයෙකු වන සේනක බණ්ඩාර නමැති සෙබළා නිපුණ ප්‍රහාරයට ලක් වූ ආකාරය පවසා තිබෙනවා. තමන් නිපුණ ගෙන ඒමට උත්සාහ කළ නමුත් තවත් ප්‍රබල යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ එය කර ගැනීමට නොහැකිවූ බවයි පවසා ඇත්තේ. පපුවට, දෑත් සහ දෙපාවලට දරුණු තුවාළ සිදු වූ බව ඔහු තවදුරටත් පවසා ඇතැයි සඳහන්.

ආර්ථික අර්බුදය දරාගනු නොහැකිව විදේශ රැකියාවට යොමුව ඇති නිපුණ, රුසියාවේ වෙනත් රැකියා කිහිපයක් සිදුකර පසුව යුද හමුදාවට සම්බන්ධ වී තිබෙනවා. කෙසේ වෙතත්, දරුවන් සමගින් ඔහුගේ බිරිඳ මෙහි තනිවී ඇති අතර ඇය ඉදිරි අනාගතය සම්බන්ධයෙන් බලවත් චිත්ත පීඩාවකින් සිටිනවා. පළමු ගෙවීම වූ ඩොලර් 1640 ලැබීමෙන් පසු ඔහුගෙන් දුරකතන ඇමතුම් නතර වූ බවත් ඉන් අනතුරුව ලැබුණු දුරකතන ඇමතුම වූයේ ඔහුගේ මරණය පිළිබඳ පණිවිඩය බවත් ඇය හැඬූ කඳුළින් පවසා තිබුණා.

රුසියාව වෙනුවෙන් සටන් කිරීම සඳහා තවත් ශ්‍රී ලාංකිකයන් ගණනාවක් ගොස් ඇති බව පවසන අල් ජසීරා, ලක්ෂ 10කට ආසන්න වැටුපක් සහ පුරවැසිභාවය අපේක්ෂාවෙන් මෙසේ රුසියානු යුද පෙරමුණ වෙත මෙරටින් යන බවයි වැඩිමනත් පවසා ඇත්තේ.

අල්-ජසීරා පවසන පරිදි මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් තරුණයන් රට හැරදා ගොස් විදෙස් යුද පෙරමුණුවල සටන් කරන්නට පෙළඹී තිබෙනවා.

කපිතාන් රනිෂ් හේවගේ – යුක්‍රේනය වෙනුවෙන් සටන් කර පසුගිය දා මිය ගිය ශ්‍රී ලාංකිකයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles