පුරාවිද්‍යා ස්මාරක බිමට සමතලා කරන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්!

කොළඹ වරායේ පිහිටා තිබූ වසර 360ක් පැරණි ඕලන්ද යුගයේ ගොඩනැගිල්ලක් ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් බිමට සමතලා කර දමා තිබෙනවා. මෙම ගොඩනැගිල්ල 1999 ජුනි මස 18 වැනි දින පුරාවිද්‍යා ආරක්ෂිත ස්ථානයක් ලෙස එවක සංස්කෘතික ඇමැති ලක්ෂ්මන් ජයකොඩි විසින් ගැසට් කර තිබූ එකක් බව සඳහන් වෙනවා.

සමතලා කර දැමීමට පෙර එම ගොඩනැගිල්ල දිස් වූ අයුරු

කොළඹ වරායට පිවිසෙන නව ගුවන් පිවිසුම් මාර්ගය වෙනුවෙන් මෙය කඩා ඉවත් කර තිබුණද ඉංජිනේරුවන් මෙය ආරක්ෂා වන පරිදි විකල්පයක් යෝජනා කර තිබු බව දැනගන්නට ලැබෙනවා. එය නොසලකා හැර මෙම ගොඩනැගිල්ල කඩා දැමීමට අනුමැතිය දී ඇත්තේ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය බවයි වාර්තා වන්නේ.

ඇය හිතුවක්කාර ලෙස මෙම අනුමැතිය දී ඇත්තේ අදාළ අංශ පවා දැනුවත් කර නොමැතිව බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

පසුගිය දා ඕලන්දය විසින් තමන් මෙරටින් රැගෙන ගිය පුරාවිද්‍යා වස්තු සමහරක් නැවත බාර දුන් අතර ඔවුන් මෙරට ඇති තම ස්මාරක නඩත්තු කරන්නට මිලියන ගණන් මුදල් යොදවනවා.

මේ වැනි කටයුතුවලින් සිදුවන්නේ සංස්කෘතික සංහාරයක් බැවින් වහාම අදාළ බලධාරීන් පූර්වාදර්ශ ලෙසින් මේවාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු වනවා. දැනගැනීමට ඇති පරිදි වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂවරිය සිය කටයුතු හේතුවෙන් ක්ෂේත්‍රයේ දැඩි විවේචනයට ලක්ව සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles