එන්නතකට පසු බිළිඳු මරණයක්

නුවන් හෙට්ටිආරච්චි

මාස හතරෙන් පසුව දරුවන්ට ලබා දෙන එන්නතක් විෂ වී කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා.

ඒ කුලියාපිටිය පොලිස් වසමට අයත් ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් ඒ.එස් නිම්නාදි දිසානායක දැරියයි.

ඇයට එම එන්නත හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් පසුගිය සිකුරදා ( 15) දා දරුවාට එන්නත කර ඇති බව සදහන් වෙනවා.

මාස හතරක කුඩා දරුවෙක් වන නිම්නාදි දිසානායක මාස හතරෙන් ලබා දෙන එන්නත ලබා දීමෙන් පසුව කටින් සෙම වැගිරීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් මත රෝහල් ගත කර තිබෙනවා.

මෙම දැරිය කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙනවා. එසේම දැරියගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වානවා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles