හොර පාරෙන් ගෙනා ජංගම දුරකතන ‌තොගයක් රේගුව භාරයට

නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීන ජංගම දුරකතන තොගයක් සහ පෙන් ඩ්‍රයිව් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (17) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි ඔහු 59 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර අනෙක් පුද්ගලයා කොළඹ – 14 පදිංචි 24 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද අලුයම 04.55ට ඔවුන් පැමිණ තිබුණා.

මෙම ජංගම දුරකථන සහ පෙන් ඩ්‍රයිව් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles