තේ පොහොර මිලේ විශාල වෙනසක්?

තේ වගාව සඳහා භාවිත කරන පොහොර මිටියක මිල රුපියල් 8500 දක්වා පහත හෙළන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසනවා.

මේ බව රජය විසින් පොහොර සමාගම් වෙත දැනුම් දී තිබෙනවා. දැනට තේ පොහොර මිටියක් රුපියල් 14000 පමණ මිලකට අලෙවි වන බවයි පැවසෙන්නේ. මෙසේ අධික මිල හේතුවෙන් බොහෝ තේ වතු හිමියන් සිය තේ වගාවට පොහොර නොයොදන අතර, අක්කරයකින් නෙළා ගන්නා දලු ප්‍රමාණය විශාල වශයෙන් අඩුවීම තේ කර්මාන්තයට බලපා ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles