අධිකරණයෙන් Metaට ලොකු දඩයක්!

ඩොලර් මිලියන 13.5 ක වන්දියක් ගෙවන ලෙසට ෆේස්බුක්හි හිමිකාරිත්වය ඇති මෙටා සමාගමට අධිකරණ නියෝගයක් පනවා තිබෙනවා.

එම දඩයට අමතරව මෙටා සමාගමට අනුබද්ධිත ෆේස්බුක් ඊශ්‍රායල් සහ මේ වන විට භාවිතයේ නොමැති Onavo යෙදුම හිමි සමාගම හරහා නීති කටයුතු වෙනුවෙන් ඩොලර් 270,631ක මුදලක් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම වෙත ගෙවන ලෙස ද ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ මෙටා සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ ස්මාට් ජංගම දුරකතන යෙදවුමක් හරහා පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත නිසි දැනුවත් කිරීමකින් තොරව එක්රැස් කිරීමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම විසින් පවරා තිබුණ නඩුවක් නිසා.

මෙම නියෝගය ලබා දී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මෙටා සමාගමට අදාළ වන්දිය ඔස්ට්‍රේලියානු රජය වෙත ගෙවන ලෙසට එම අධිකරණය සඳහන් කර තිබෙනවා.

වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ, එම යෙදවුම 271,000කට වැඩි වාර ගණනක් භාගත කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles