නීති විරෝධීව මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 400 කට අධික වටිනාකමෙන් යුත් වාහන 400 ක් සඳහා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර අලෙවි කළ සංවිධානාත්මක ජාලයක සුලමුල හෙළිවී තිබෙනවා.
මෙම වැටළීම සිදු කර ඇත්තෙ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින්. එහි දී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු අත්අඩංගුවට ගෙන ව්‍යාජ දත්ත ඉදිරිපත් කර ලියාපදිංචි කරන ලද රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමෙන් යුත් සුඛෝපභෝගී ජීප් රථයක්ද සිය භාරයට ගෙන තිබෙනවා.
මේ වන විට වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය භාරයට ගත් සැකකාර මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරය භාර නිලධාරියා රඳවාගෙන ප්‍රශ්න කර ගෙන යන බව එම බළකාය පවසනවා.
මෙම ජාවාරමට එම දෙපාර්තමේන්තුවේ තවත් පිරිසක් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර එම පිරිස් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.
මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇත්තේ එහි මහ මොළකරු වන කඩවත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු මේ වනවිට වාහන ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතවයි සිටින්නේ.
මෙම ජාවාරමට සම්බන්ධ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරය භාර නිලධාරියා දීර්ඝ කාලයක් තිස්සේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවය කරන අතර වසර ගණනක් වැඩ තහනමට ද ලක්ව සිටි අයෙක් බවයි සඳහන් වෙන්නේ.