දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික තොග ගබඩාවක පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය සහ ඉරානය වැනි රටවල් රැසකින් ගෙන්වා ගබඩා කර තිබූ ලොකු ළූණු තොගයක් හසුව තිබෙනවා.
මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය විසින් කරන ලද පරීක්ෂාවකදී මෙම තොගය හසුව ඇති අතර මේවා ගෙන්වීම සම්බන්ධයෙන් නිසි තොරතුරු ඉදිරිපත් කිරීමට ඒවායේ හිමිකරුවන් අසමත්ව තිබෙනවා.
ඒ අනුව ඊට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී රේණුක කුමාර සඳහන් කළා.
කෙසේ වෙතත්, විශාල වශයෙන් ලොකු ළූණු තොග ගෙනවුත් සඟවා තබාගෙන වැඩි මිලට අලෙවි කරන මාෆියාවක් ක්‍රියාත්මක වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ද පවසා සිටියා.