ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනයට සෙත් පතා එක්සත් ජාතික පක්ෂ තරුණ බලකාය සංවිධාන කළ ආශිර්වාද පූජාවක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත් වුණා.
විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පවත්වා ඇති අතර එහි දී ගැබිනි මව්වරුන්ට වියළි ආහාර ද්‍රව්‍ය, පාසල් සිසු සිසුවියන්ට පාසල් පොත් සහ පාසල් බෑග් බෙදා දීම ද සිදු වුණා.
“යූත් 2048” සංවිධානයේ දායකත්වය ද ඇතිව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර,කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන අය ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වී තිබුණා.