සුරාබදු මුදල් නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් නවයකට කඩිනමින් හිඟ මුදල් ගෙවන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි, මෙම හිඟ මුදල් කඩිනමින් අයකර ගැනීමට පියවර ගන්නා බවත් එමෙන් ම මෙම හිඟ මුදල් ගෙවා නොමැති සමාගම් දෙකකට නඩු පවරා ඇති බවත් සඳහන් කරනවා.
මෙලෙස හිඟ බදු මුදල් 2023 ජූනි 15 ට පෙර ගෙවා නොමැති සමාගම් ලෙස ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම, වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම, ග්ලෝබල් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් පුද්ගලික සමාගම, මැක්ලම් බෲවිං සමාගම, කළුතර ඩිස්ටිලරීස් සමාගම, සිනර්ජි ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම, රන්දෙනිගල ඩිස්ටිලරීස් ලංකා සමාගම, හිඟුරාන ඩිස්ටිලරිස් පුද්ගලික සමාගම, රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම යන සමාගම් දැක්වෙනවා.